ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ අද (14) සිට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවයි.
