දෙවුන්දර වෙඩිල්ලේ සිද්ධියට 04ක් අත්අඩංගුවට – සැකකරුවන් අද මහේස්ත්‍රාත්වරයා හමුවට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී පෙරේදා (21) රාත්‍රියේ වෙඩි තබා දිවිත්ව ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතරේ කාන්තාවක් ද සිටින බවයි වාර්තා වුණේ.

23 සහ 46 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (22) පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූවන් ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (23) දිනයේ මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළා.

කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී යතුරුපැදියකින් පැමිණෙමින් සිටි පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් වාං රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?