දෙවුන්දර ද්විත්ව ඝාතනයට යොදාගත් T56 ගිනි අවිය සොයාගැනේ

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට මාර්ගයේ දී පසුගිය මාර්තු මස 21 වන දින; තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

මෙම අපරධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරුවෙකු විසින් අනාවරණය කළ තොරතුරු අනුව අදාළ T56 වර්ගයේ ගිනි අවිය සහ එම මැගසිනය අද (12) අලුයම් කාලයේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරු කුලී පදනම මත පදිංචිව සිටි කැකනදුර, යටියන පාර ප්‍රදේශයේ නිවසේ සඟවා තිබිය දී විමර්ශන නිලධාරීන් විසින් මෙම ගිනි අවිය සහ මැගසිනය සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?