AFC Banner
AFC Banner
Empty Ad

දෙවන ටෙස්ට් තරගය වැස්සට සේදෙද්දී තෙමි තෙමි සෙල්ලං දාන හසන් අලී (වීඩියෝ)

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බධා එල්ල වී තිබෙනවා.

අද (25) දහවල් තරගයට වර්ෂාවෙන් බධා එල්ලවන විට පාකිස්ථානය කඩුලු 02ක් දැවී ලකුණු 178ක් රැස්කර ගෙන සිටියා.

එම අවස්ථාවේ දී නායක බාබර් අසාම් ලකුණු 28ක් සහ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් ලකුණු 82ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

මේ අතර වර්ෂාවත් සමඟ ක්‍රීඩා පිටිය ආවරණය කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් විසින් කටයුතු කළ අතර, වර්ෂාව මාධ්‍යයේ වැසි ආවරණ මත දුවමින් පාකිස්ථාන ක්‍රීඩක හසන් අලී විනෝද වෙන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
10
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?