දෙවනගල උණුසුම් තත්වයක්

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ ඊයේ 30 පස්වරුවේ අනවසර ගසක් කපා දැම්ම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නිතීය ක‍්‍රියාත්මක කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාවනැල්ල පොලිසියට උපදෙස් ලබා දි තිබෙනවා.

මෙම ගස කපා දමා තිබුණේ දෙවනගල පුජා භූමියට ගොඩ වන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණී අම්බලම පැවැති ස්ථානයේය. මෙම ස්ථානය ආසන්නයේ ජිවත් වන පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ ඇති ගසක අතු ඉවත් කිරිමට අවසරයක් ලබා දෙන ලෙස දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සඳහා හිමියන් විසින් අවසරය ලබා දි තිබුණේ දෙවනගල විහාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලියේ අධික්ෂණය යටතේ පමණක් එය සිදු කරන ලෙසයි.

ඒ අනුව ගසේ අතු ඉවත් කිරිමෙන් අනතුරුව පොලිස් නිලධාරින් විහාරස්ථානය වෙත ගිය පසු ගස කපා දැමිට ඔවුන් කටයුතු සුදානම් කර ඇත. ඒ බව දැනගත් දෙවනගල මුර පොළේ පොලිස් නිලධාරින් සහ විහාරාධිපති හිමියන් එම ස්ථානය වෙත දායකය සමග ගිය පසුව එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද ඇති වු අතර ගසෙහි භාගයකට වැඩි කොටසක් කපා තිබුණි.

පුරා විද්‍යා භූමිය තුල කපා තිබු ගස අනාරක්ෂිතව තිබු බැවින් පසුව ගස ඉවත් කිරිමට එහිදි ප‍්‍රදේශවාසීන් කටයුතු කරන ලදි.

මෙම තත්වය ගැන අදහස් දක්වන දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පවසන්නේ මෙවැන්නකි.

පුරා විද්‍යා ස්මාරක රැුසක් තිබෙන දෙවනගල පූජා භූමියට ගොඩ වන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණි සඳකඩ පහන මීට වසර කිහිපයකට කඩා දමා වැරදි කරු වු පුද්ගලයා දෙවන මැනුම සම්බන්ධයෙන් අධීකරණයේ නඩුවක් පවතින අවස්ථාවේ නීතියට පිටු පාමින් අනවසරයෙන් තමයි මෙ ගස කැපිම සිදු කර ඇත්තේ.

මෙම ගස කපා දැමිම නිසා ඉපැරණි ගල් බැම්මට පවා හානි සිදු වි තිබෙනවා. ඒ වාගේම මෙ පුද්ගලයන්ට අවශ්‍ය වි තිබෙන්නේ නිතීයට අවනත නොවි හෝ මෙම ස්ථානයේ පෞරාණිකත්වය කෙලෙසා දැම්මයි. පවතින රජය යටතේ මෙහි දෙවන මැනුම ඉක්මනින් සිදු කර ඉදිරි ක‍්‍රියා මාර්ග නොගනිමට යම් හෙයකින් ප‍්‍රමාද විමක් සිදු වුන හොත් ඔවුන් සංවිධානාත්මකව බලා ගෙන සිටිනවා මෙම ඓතිහාසිකත්වය විනාශ කර දමන්න. මෙච්චර කාලයක් එය සිදු වුනා. එය තව දුරටත් ඉටු නොවි වලක්වා ගැනිම මේ රජයේ ප‍්‍රධාන වගකිමක් ද වනවා. ඒ වාගේම සබරගමුවේ පවතින ඉපැරණි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථානයක් සේම වාම දළදා වහන්සේ එක් දිනක් සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසික ස්ථාන රැුසක් සහිත භූමියක් ලෙස මෙම ස්ථානය අදටත් ලෝක වාසීන් බොහෝ දෙනාගේ වන්දනාමානයට ලක් වි තිබෙනවා.

ඒ නිසා මෙම වැරදි කරුවන්ට වහාම නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙස ඉල්ලමින් දෙවනගල විහාරස්ථ දායක සභාව විසින් මාවනැල්ල පොලිසියට 30 වැනි දින පැමිණිල්ලක්ද යොමු කර ඇති අතර ඒ වෙනුවෙන් නිතීය විසදුමක් ලැබෙනු ඇති බවටද උන් වහන්සේ සිය අදහස් දැක්විමේදි කියා සිටියා. එලෙසම ඔවුන් වහාම අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ මාවනැල්ල පොලිසියෙන් ඉල්ලා සිටි.

මෙම ගසා කපා දැම්මට කිසිදු ලියකිවිල්ලක් හෝ කිසිදු නිතීමය අවසරයක් පුරා විද්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ නොමැති බවයි හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ. එහි ගිය මාධ්‍ය වලට දැක ගැනිමට හැකි වුයේ එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකු සමුහයා වශයෙන් රැුදි සිටියේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමයකට නොවන බවයි.

– සමන් විජය බණ්ඩාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33