දූෂණය මුල් බැසගත් චීන ක්‍රමය

චීනය මීළඟ ගෝලීය සුපිරි බලවතා බවට පත්වන බවට අනාවැකි පළ වී ඇතැත් ඊට ඇති ප්‍රධානතම අභියෝගය මහා පරිමාණ අල්ලස හා දූෂණය බවට සාකච්ඡාවක් ඇති ව තිබෙනවා.

චීනයේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුට විශාල අල්ලස් මුදලක් ලැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

Fan Yifei නම් මෙම ඉහළ නිලධාරියාට සිංගප්පූරු ඩොලර් මිලියන 72.5ක් ලැබුණු බවටයි චෝදනා එල්ල වූණේ.

ඒ මුදල් බලය සම්බන්ධයෙන් වන නීති කඩකිරීම සඳහා යි.

ෆෑන් රට පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) සාමාජිකයෙක්.

ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු චීනයේ හමුදා නිලධාරීන් පවා දූෂිත ක්‍රියාකාරකම්වල යෙදී සිටින බවට පෙනී ගොස් තිබෙනවා.

සීසීපී සාමාජිකයින් මිලියන පහකට අධික පිරිසක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනවලට ලක් කර ඇතැයි සඳහන්.

ඔවුන්ගෙන් 110,000 ක් විනය විරෝධී චෝදනාවට වැරදිකරුවන් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුදල් සහ තෑගි වශයෙන් අල්ලස් ලබා ගත් බව අනාවරණ වුණා.

මීට මාස කිහිපයකට පෙර, පළාත් කමිටු ලේකම්වරයෙකු වූ, CCP හි ඉහළම නිලධාරියෙකු වන Sun Zhigang, අල්ලස් නඩුවකට වැරදිකරු වූ බව සඳහන්.

රාජ වංශයේ කාලයේ සිටම චීනයේ දූෂණය බහුල ව පැවති අතර, 1990 ප්‍රතිසංස්කරණවලින් පසුව නූතනයේ එය සැලකිය යුතු ලෙස වර්ධනය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි.

“අළු ආදායම” නිලධාරීන්ගේ විධිමත් වැටුපෙන් සියයට 83ක් වන බැවින් චීන නිලධරය සහ පාලනය තුළ දූෂණය ගැඹුරින් මුල් බැස ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂැං-ජින් වෙයි පැවසුවා.

“විශේෂයෙන්, මෙම අගය තරාතිරම සමඟ තියුණු ලෙස වැඩි වේ. නිදසුනක් වශයෙන්, පහළ මට්ටමේ සිවිල් සේවකයින්ගේ නිල නොවන ඉපැයීම් ඔවුන්ගේ නිල ආදායමෙන් සියයට 27 ක් පමණි. ඊට වෙනස්ව, රජයේ අංශ ප්‍රධානීන් සඳහා, අනුපාතය සියයට 172 දක්වා ඉහළ යයි.’’ ෂැං – ජින් වෙයි පවසනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් දශකයකට පෙර තමා බලයට පත් වූ විට චීනයේ දූෂණය මුලිනුපුටා දමන බවට පොරොන්දු වුණා.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම සීසීපී සාමාජිකයින් අතර එය වැඩි වීමක් දක්නට ලැබීම හාස්‍යයට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?