දූෂණය මුල් බැසගත් චීන ක්‍රමය

චීනය මීළඟ ගෝලීය සුපිරි බලවතා බවට පත්වන බවට අනාවැකි පළ වී ඇතැත් ඊට ඇති ප්‍රධානතම අභියෝගය මහා පරිමාණ අල්ලස හා දූෂණය බවට සාකච්ඡාවක් ඇති ව තිබෙනවා.

චීනයේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුට විශාල අල්ලස් මුදලක් ලැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

Fan Yifei නම් මෙම ඉහළ නිලධාරියාට සිංගප්පූරු ඩොලර් මිලියන 72.5ක් ලැබුණු බවටයි චෝදනා එල්ල වූණේ.

ඒ මුදල් බලය සම්බන්ධයෙන් වන නීති කඩකිරීම සඳහා යි.

ෆෑන් රට පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) සාමාජිකයෙක්.

ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු චීනයේ හමුදා නිලධාරීන් පවා දූෂිත ක්‍රියාකාරකම්වල යෙදී සිටින බවට පෙනී ගොස් තිබෙනවා.

සීසීපී සාමාජිකයින් මිලියන පහකට අධික පිරිසක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනවලට ලක් කර ඇතැයි සඳහන්.

ඔවුන්ගෙන් 110,000 ක් විනය විරෝධී චෝදනාවට වැරදිකරුවන් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුදල් සහ තෑගි වශයෙන් අල්ලස් ලබා ගත් බව අනාවරණ වුණා.

මීට මාස කිහිපයකට පෙර, පළාත් කමිටු ලේකම්වරයෙකු වූ, CCP හි ඉහළම නිලධාරියෙකු වන Sun Zhigang, අල්ලස් නඩුවකට වැරදිකරු වූ බව සඳහන්.

රාජ වංශයේ කාලයේ සිටම චීනයේ දූෂණය බහුල ව පැවති අතර, 1990 ප්‍රතිසංස්කරණවලින් පසුව නූතනයේ එය සැලකිය යුතු ලෙස වර්ධනය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි.

“අළු ආදායම” නිලධාරීන්ගේ විධිමත් වැටුපෙන් සියයට 83ක් වන බැවින් චීන නිලධරය සහ පාලනය තුළ දූෂණය ගැඹුරින් මුල් බැස ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂැං-ජින් වෙයි පැවසුවා.

“විශේෂයෙන්, මෙම අගය තරාතිරම සමඟ තියුණු ලෙස වැඩි වේ. නිදසුනක් වශයෙන්, පහළ මට්ටමේ සිවිල් සේවකයින්ගේ නිල නොවන ඉපැයීම් ඔවුන්ගේ නිල ආදායමෙන් සියයට 27 ක් පමණි. ඊට වෙනස්ව, රජයේ අංශ ප්‍රධානීන් සඳහා, අනුපාතය සියයට 172 දක්වා ඉහළ යයි.’’ ෂැං – ජින් වෙයි පවසනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් දශකයකට පෙර තමා බලයට පත් වූ විට චීනයේ දූෂණය මුලිනුපුටා දමන බවට පොරොන්දු වුණා.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම සීසීපී සාමාජිකයින් අතර එය වැඩි වීමක් දක්නට ලැබීම හාස්‍යයට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15