දුම්රිය මගියාගේ ජීවිතය අවසන් මොහොතේ බේරාගත් ආරක්ෂක නිලධාරියා (වීඩියෝ)

දුම්රියට බිළිවීමට ගිය පුද්ගලයෙකුව දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් බේරාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි ප්‍රයාග්‍රාජ් දුම්රිය ස්ථානයේ දී දුම්රියකට නැවත ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ ජීවිතය අදාළ ආරක්ෂක නිලධාරියා විසින් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා (14) දිනයේ මෙම ආශ්චර්යමත් සිදුවීම සිදුව ඇති අතර, සජ්ජන් සිං නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා ගුවහාටි සිට බයිකානර් බලා ගමන් ගත් දුම්රියෙන් පැමිණ ඇති අතර, ඔහු ප්‍රයාග්‍රාජ් දුම්රිය ස්ථානයෙන් බැස ඇත්තේ දිවා ආහාරය මිලදී ගැනීම සඳහායි.

අනතුරව දුම්රිය යළි ධාවනය අරඹා ඇති අතර, මෙම පුද්ගලයා ධාවනය වන දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ලිස්සා ගොස් වේදිකාව සහ දුම්රිය අතර වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස වැටුණු මෙම පුද්ගලයා එක් අතකින් දුම්රියේ එල්ලී ඇති අතර, එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ දුම්රිය වේදිකාවේ සිටි සංජේ කුමාර් රාවට් නැමැති දුම්රිය ආරක්ෂක නිලධාරියා ඔහුගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම දුම්රිය ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?