රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථානයන් අතර ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබේ. මේ හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර මේවන විට පහත සඳහන් දුම්රියන් අවලංගු කිරීම් සහ සංශෝධන සිදු කර තිබෙනවා.
අවලංගු වීම් –
පහළට
පෙ.ව. 06/15 බදුල්ල/මහනුවර – කොළඹ කොටුව (උඩරට මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 06/30 මහනුවර – කොළඹ කොටුව (නගරාන්තර සීඝ්‍රගාමී)
පෙ.ව. 06/45 මහනුවර – කොළඹ කොටුව (සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී)
ඉහළට
පෙ.ව. 06/45 කොළඹ කොටුව – මහනුවර/බදුල්ල (පොඩි මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 07/00 කොළඹ කොටුව – මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී)
සංශෝධන –
පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. ඒ හේතුවෙන් පෙ.ව. 07/45 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.




