දිස්ත්‍රික්ක 8 කට හදිසි අනතුරු ඇගවීමක්

නාය යෑමේ අවදානම සහිත දිස්ත‍්‍රික්ක අටක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා

මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, බණ්ඩාරවෙල සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලට අදාළ මෙම අවදානම් ප‍්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම පවසනවා

එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා විය නොහැකි තැන්වල පවත්නා අවදානම ඩ්‍රෝන තාක්ෂණය මගින් අධ්‍යයනය කර සිතියමට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මෙම කටයුතු කල්නෑර සිදු කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා

නාය යෑමේ අවදානම සම්බන්ධව දැනට සිතියම් ගත කර තිබෙන්නේ දිස්ත‍්‍රික්කයක ප‍්‍රදේශ වශයෙන් බවත් මෙය ඉතා කුඩා ප‍්‍රමාණයේ ස්ථාන ලෙස ගෙන හැර දැක්වීම සම්බන්ධව අවධානය යොමු විය යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. අදාළ සිතියම් ගත කිරීම මෙයට වසර ගණනාවකට පෙර සිදුකර තිබෙන බවත් එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා මගින් අධ්‍යයනය කර නව පැලීම් ඇතිව තිබෙන්නේ ද යන්න සම්බන්ධව සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කරනවා

නාය යෑමේ අවදානම් ඇති බවට හඳුනා ගත් දිස්ත‍්‍රික්කවලට අධික වර්ෂාවක් වාර්ෂිකව ලැබෙන බවත් මෙම ප‍්‍රදේශවල ස්ථාන ගණනාවක පාෂාණ මත පස් තට්ටු පිහිටා තිබෙන බවත් කී ඒ මහතා මිලි මීටර් 100 ඉක්මවා පවතින වර්ෂා අවස්ථාවක පොළොව මතුපිට ඇති පස් තට්ටුව තුළට ජලය ගොස් පාෂාණය හා පස් තට්ටුව අතර ඇති සම්බන්ධතාව බිඳී යෑමෙන් නාය ඇති වන බව ද අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07