දිස්ත්‍රික්ක 8 කට හදිසි අනතුරු ඇගවීමක්

නාය යෑමේ අවදානම සහිත දිස්ත‍්‍රික්ක අටක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා

මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, බණ්ඩාරවෙල සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලට අදාළ මෙම අවදානම් ප‍්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම පවසනවා

එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා විය නොහැකි තැන්වල පවත්නා අවදානම ඩ්‍රෝන තාක්ෂණය මගින් අධ්‍යයනය කර සිතියමට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මෙම කටයුතු කල්නෑර සිදු කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා

නාය යෑමේ අවදානම සම්බන්ධව දැනට සිතියම් ගත කර තිබෙන්නේ දිස්ත‍්‍රික්කයක ප‍්‍රදේශ වශයෙන් බවත් මෙය ඉතා කුඩා ප‍්‍රමාණයේ ස්ථාන ලෙස ගෙන හැර දැක්වීම සම්බන්ධව අවධානය යොමු විය යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. අදාළ සිතියම් ගත කිරීම මෙයට වසර ගණනාවකට පෙර සිදුකර තිබෙන බවත් එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා මගින් අධ්‍යයනය කර නව පැලීම් ඇතිව තිබෙන්නේ ද යන්න සම්බන්ධව සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කරනවා

නාය යෑමේ අවදානම් ඇති බවට හඳුනා ගත් දිස්ත‍්‍රික්කවලට අධික වර්ෂාවක් වාර්ෂිකව ලැබෙන බවත් මෙම ප‍්‍රදේශවල ස්ථාන ගණනාවක පාෂාණ මත පස් තට්ටු පිහිටා තිබෙන බවත් කී ඒ මහතා මිලි මීටර් 100 ඉක්මවා පවතින වර්ෂා අවස්ථාවක පොළොව මතුපිට ඇති පස් තට්ටුව තුළට ජලය ගොස් පාෂාණය හා පස් තට්ටුව අතර ඇති සම්බන්ධතාව බිඳී යෑමෙන් නාය ඇති වන බව ද අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?