AFC Banner
AFC Banner
Empty Ad

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, කෑග්ලල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශයි.

මේ අතර පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් පිළිබඳවත් ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම පිළිබඳවත් එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස ද එම ආයතනය ජනතාවට දැනුම් දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?