දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් අමාත්‍යාංශය වටලන්න හෙට කොළඹට

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් දිනාගැනීම වෙනුවෙන් රට පුරා විසිරී සිටින සියලුම සංවර්ධන නිලධාරීන් හෙට (08) දිනයේ කොළඹට පැමිණ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වටලන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා.

එම සමිති සම්මේලනයේ කැඳවුම්කරු බී.ඒ.බී. බස්නායක මහනුවර දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

වසර 30ක පමණ කාලයක් තම රාජකාරි අවශ්‍යතා සම්බන්ධයෙන් විවිධාකාර ඉල්ලීම් සිදුකළ ද එම ඉල්ලීම් සියල්ල බීරි අලින්ට වීනා වාදනයක් වූ බැවින් අකමැත්තෙන් වුව ද මෙම තීරණයට එළඹීමට සිදුවූ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු,

“අපි කොතෙක් ඉල්ලීම් කළත් මේ දක්වා සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කරේ නෑ. බඳවා ගැනීම් හෝ උසස් වීම් සිදුකරන්නේ නෑ. කාර්යාල දීමනාව, ගමන් වියදම් යථාවත් කරන්නේ නෑ. අපිට ලැබෙන සොච්චම් පඩියෙන් තමයි හැම දෙයක්ම කරගන්න ඕනේ. තට්ටු මාරු ක්‍රමයට පත්වෙන රජයන් හැමදාමත් කැරට් අලේ පෙන්නලා අපෙන් වැඩගත්තා විතරයි. සංවර්ධන නිලධාරී කියන රාජ්‍ය සේවකයා දැන් දෙකේ කොළේට වැටිලා ඉන්නේ. තවත් අපි ඉවසන්න බෑ. අපි රට වටා ඉන්න සියලුම සංවර්ධන නිලධාරීන් 08 වෙනිදා කොළඹ ඇවිත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වටලනවා. ඉල්ලීම් ලැබෙන තුරු යන්නේ නෑ. අපිට කැරට් අල පෙන්නන නිලධාරීන්ට අපි කියන්නේ සූදානම් වෙලා ඉන්න කියලයි.
එදාට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය, රාජ්‍ය සේවා ජාතික සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන නිලධාරී සංගමය, සංවර්ධන නිලධාරී නව්‍ය ප්‍රමුඛතා සංගමය, සංවර්ධන නිලධාරි ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය, සමස්ත ලංකා රජයේ උපාධිධාරී සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන වෘත්තිය සමිති සන්ධානය යන සියලුම වෘත්තිය සමිති නියෝජනය කරන නිලධාරීන් සහ නියෝජිතයන් කොළඹ ඇවිත් මේ විරෝධතාවයට සහභාගී වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27