දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් අමාත්‍යාංශය වටලන්න හෙට කොළඹට

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් දිනාගැනීම වෙනුවෙන් රට පුරා විසිරී සිටින සියලුම සංවර්ධන නිලධාරීන් හෙට (08) දිනයේ කොළඹට පැමිණ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වටලන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා.

එම සමිති සම්මේලනයේ කැඳවුම්කරු බී.ඒ.බී. බස්නායක මහනුවර දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

වසර 30ක පමණ කාලයක් තම රාජකාරි අවශ්‍යතා සම්බන්ධයෙන් විවිධාකාර ඉල්ලීම් සිදුකළ ද එම ඉල්ලීම් සියල්ල බීරි අලින්ට වීනා වාදනයක් වූ බැවින් අකමැත්තෙන් වුව ද මෙම තීරණයට එළඹීමට සිදුවූ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු,

“අපි කොතෙක් ඉල්ලීම් කළත් මේ දක්වා සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කරේ නෑ. බඳවා ගැනීම් හෝ උසස් වීම් සිදුකරන්නේ නෑ. කාර්යාල දීමනාව, ගමන් වියදම් යථාවත් කරන්නේ නෑ. අපිට ලැබෙන සොච්චම් පඩියෙන් තමයි හැම දෙයක්ම කරගන්න ඕනේ. තට්ටු මාරු ක්‍රමයට පත්වෙන රජයන් හැමදාමත් කැරට් අලේ පෙන්නලා අපෙන් වැඩගත්තා විතරයි. සංවර්ධන නිලධාරී කියන රාජ්‍ය සේවකයා දැන් දෙකේ කොළේට වැටිලා ඉන්නේ. තවත් අපි ඉවසන්න බෑ. අපි රට වටා ඉන්න සියලුම සංවර්ධන නිලධාරීන් 08 වෙනිදා කොළඹ ඇවිත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වටලනවා. ඉල්ලීම් ලැබෙන තුරු යන්නේ නෑ. අපිට කැරට් අල පෙන්නන නිලධාරීන්ට අපි කියන්නේ සූදානම් වෙලා ඉන්න කියලයි.
එදාට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය, රාජ්‍ය සේවා ජාතික සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන නිලධාරී සංගමය, සංවර්ධන නිලධාරී නව්‍ය ප්‍රමුඛතා සංගමය, සංවර්ධන නිලධාරි ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය, සමස්ත ලංකා රජයේ උපාධිධාරී සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන වෘත්තිය සමිති සන්ධානය යන සියලුම වෘත්තිය සමිති නියෝජනය කරන නිලධාරීන් සහ නියෝජිතයන් කොළඹ ඇවිත් මේ විරෝධතාවයට සහභාගී වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?