දිවයිනේ සියලු ම මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ආසිරි (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට දිවයිනේ සියලු ම ප්‍රදේශවලින් වැඩම කර සිටි මහා නායක හිමිවරු ආශිර්වාද පළ කර තිබෙනවා.

අර්බුදයකින් ජාතියක් එතෙර කළ හැක්කේ අත්දැකීම් ඇති නායකයන්ට පමණක් බවයි මහා සංඝරත්නය පවසා ඇත්තේ.

‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති හෙයින් ඒ සඳහා ආගමික වතාවත් අනුව ආශිර්වාද පළ කිරීමට මෙලෙස මහ නායක හිමිවරුන් වැඩම කර සිටි බවයි.

රට අර්බුදයට පත් වූ අවස්ථාවේ නිර්භීතව රටේ වගකීම භාරගත් ජනපති ජනතාව පීඩාවෙන් මුදා ගත් බවත්; අද දෙස් විදෙස් සියලු දෙනාගේ සහායෙන් රට ඉදිරියට ගෙන යන බවත් එහිදී මහ නායක හිමිවරුන් සඳහන් කළා.

ජනපතිගේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයේ මෙන් ම ජනතාවගේ ද ප්‍රසාදයට ලක් ව ඇති බවයි මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ මෙහිදී සඳහන් කළේ.

රටත් ජනතාවත් පීඩාවට පත් වූ සෑම අවස්ථාවකම මහා සංඝරත්නය හරි තැන හිටගත් බවත් ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ කියා සිටියා.

මෙම අවස්ථාවට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පිරිවෙණ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් දේශනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ආශිර්වාද පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?