දිවයිනේ සියලු ම මහ නායක හිමිවරුන්ගෙන් ජනපතිට ආසිරි (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට දිවයිනේ සියලු ම ප්‍රදේශවලින් වැඩම කර සිටි මහා නායක හිමිවරු ආශිර්වාද පළ කර තිබෙනවා.

අර්බුදයකින් ජාතියක් එතෙර කළ හැක්කේ අත්දැකීම් ඇති නායකයන්ට පමණක් බවයි මහා සංඝරත්නය පවසා ඇත්තේ.

‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති හෙයින් ඒ සඳහා ආගමික වතාවත් අනුව ආශිර්වාද පළ කිරීමට මෙලෙස මහ නායක හිමිවරුන් වැඩම කර සිටි බවයි.

රට අර්බුදයට පත් වූ අවස්ථාවේ නිර්භීතව රටේ වගකීම භාරගත් ජනපති ජනතාව පීඩාවෙන් මුදා ගත් බවත්; අද දෙස් විදෙස් සියලු දෙනාගේ සහායෙන් රට ඉදිරියට ගෙන යන බවත් එහිදී මහ නායක හිමිවරුන් සඳහන් කළා.

ජනපතිගේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයේ මෙන් ම ජනතාවගේ ද ප්‍රසාදයට ලක් ව ඇති බවයි මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ මෙහිදී සඳහන් කළේ.

රටත් ජනතාවත් පීඩාවට පත් වූ සෑම අවස්ථාවකම මහා සංඝරත්නය හරි තැන හිටගත් බවත් ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ කියා සිටියා.

මෙම අවස්ථාවට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පිරිවෙණ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් දේශනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ආශිර්වාද පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21