Indian Premier League

දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට උසාවියෙන් අවසර

විමර්ශන කටයුතු ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුන්නා.

ඒ, අනුව ශාෆ්ටර්ගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළා.

දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කර තිබූ නිර්දේශ බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ.

ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?