කරන්දෙණිය – දිවියගහවිල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ (15) රාත්‍රී කාලයේ දී බවයි.
දිගු කලෙක පටන් පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධියෙන් පහරකෑ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ඔහු මෙම පහරකෑමට ගොදුරුව ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි මාර්ගයේ දී බවයි වාර්තා වන්නේ.
කරන්දෙණිය පොලිසිය විසින් මේ වනවිට (16) ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1