දික්ඔය ඇළට වැටී අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර හමුවේ (ඡායාරූප)

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර අද (12) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ දික්ඔය – ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති 28 හැවිරිදි එක්දරු පියෙක්.

මොහු ඊයේ (11) පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත්ව සිය නිවස වෙත බස් රථයකින් ගමන් කර තිබෙනවා.

අනතුරුව බස් රථයේ බැස ඇති මෙම පුද්ගලයා එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැඟ සිටිය දී ජල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටී අතුරුදහන්ව තිබුණා.

අනතුරුව ඔහු සොයා අද (12) උදෑසන සිට හැටන් පොලිසියේ නිලධාරීන් සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

ඒ, අනුවයි අද (12) දහවල් ඔහුගේ සිරුර ඇළේතිබී සොයාගෙන ඇත්තේ.

මෙලෙස සොයාගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

10
02 2
01 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?