AFC Banner
AFC Banner
Empty Ad

දාස් වෙනුවට චාල්ස් කොල්කටා කණ්ඩායමට

මෙවර අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට්ර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ලිටන් දාස් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජොන්සන් චාල්ස් කොල්කටා සංචිතයට කැඳවා තිබෙනවා.

අද (09) සිට ලබන 14 වනදා දක්වා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබීම හේතුවෙන් ලිටන් දාස්ට අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ජාතික සංචිතය සමඟ එකතු වීමට සිදුවුණා.

ඒ අනුව ලිටන් දාස්ගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩුව පැවති කොල්කටා නයිට්ර් රයිඩර්ස් කණ්ඩායමේ ස්ථානයට ජොන්සන් චාල්ස් එක්කර ගැනීමටයි එම කණ්ඩායමේ කළමණාකාරීත්වය කටයුතු කර ඇත්තේ.

ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට එනම් ඇමරිකානු ඩොලර් 60,000කට ආසන්න මුදලකට චාල්ස් කොල්කටා කණ්ඩායම සමඟ එක්ව ඇති අතර, ආරම්භක පිතිකරණ භූමිකාව ඔහුගේ ප්‍රධාන කාර්ය භාරය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?