දාස් වෙනුවට චාල්ස් කොල්කටා කණ්ඩායමට

මෙවර අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට්ර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ලිටන් දාස් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජොන්සන් චාල්ස් කොල්කටා සංචිතයට කැඳවා තිබෙනවා.

අද (09) සිට ලබන 14 වනදා දක්වා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබීම හේතුවෙන් ලිටන් දාස්ට අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ජාතික සංචිතය සමඟ එකතු වීමට සිදුවුණා.

ඒ අනුව ලිටන් දාස්ගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩුව පැවති කොල්කටා නයිට්ර් රයිඩර්ස් කණ්ඩායමේ ස්ථානයට ජොන්සන් චාල්ස් එක්කර ගැනීමටයි එම කණ්ඩායමේ කළමණාකාරීත්වය කටයුතු කර ඇත්තේ.

ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට එනම් ඇමරිකානු ඩොලර් 60,000කට ආසන්න මුදලකට චාල්ස් කොල්කටා කණ්ඩායම සමඟ එක්ව ඇති අතර, ආරම්භක පිතිකරණ භූමිකාව ඔහුගේ ප්‍රධාන කාර්ය භාරය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22