දවුලගල දී පැහැරගත් සිසුවිය අම්පාරෙන් සොයාගැනේ (වීඩියෝ)

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේ දී පෙරේදා (11) උදෑසන පහර ගැනීමට ලක් වූ 19 හැවිරිදි සිසුවිය සොයාගෙන තිබෙනවා.

එම සිසුවිය සහ ඇයව පැහැරගත් ඇයගේ සැකකාර මස්සිනා අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (13) උදෑසන පොලිස් භාරය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිසුවිය සහ සැකකරු අම්පාරේ සිට මහනුවර බලා පිටත්වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක් තුල සිටිය දී පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගත් ඔවුන් දෙදෙනා අම්පාර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, අනතුරුව සැකකාර මස්සිනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

පැහැරගැනීමට ලක් වූ සිසුවියවෛද්‍ය පරීක්ෂණයක් සඳහා අම්පාර රෝහලට මේ වනවිට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ලැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ සිසුවිය උසස් පෙළ පංතියකට සහභාගි වීම සඳහා මිතුරියක් ද සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී පෙරේදා (13) උදෑසන කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වුණේ ඇයව විවාහ කර ගැනීමේ කලක පටන් කැමැත්තෙන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

සිසුවිය පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගත්තා.

වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද වෑන් රථය අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තීබුණා.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින ඇයගේ මස්සිනා විසින් සිසුවියගේ පියාට අමතා රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ද ඉල්ලා තිබූ බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
3
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?