දරුවෙකුගේ වම් ඇස අන්ධ කළ හිත් පිත් නැති ගුරුවරයා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කෞෂාම්බි ගම්මානයේ 12 හැවිරිදි දරුවෙකුට ගුරුවරයෙකු සිදු කළ පහරදීමකින් එම දරුවා අන්ධභාවයට පත් ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

NDTV පුවත් සේවය සඳහන් කරන්නේ 6 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන මෙම පිරිමි දරුවා හට ගුරුවරයා විසින් පහර දෙනු ලැබ ඇත්තේ පොල්ලකින් බවයි.

ආදිත්‍ය කුෂ්වාහා නම් පහරකෑමට ලක් වූ දරුවා ගුරුවරයාගේ පහරදීමෙන් අනතුරුව රෝහල්ගත කර ශල්‍යකර්ම දෙකකට ද භාජනය කෙරුණ ද ඔහුගේ වම් ඇසෙහි අන්ධභාවය සුව වී නැහැ.

ඔහුගේ මව යුක්තිය පතා දිස්ත්‍රික් ළමා සුබසාධන කමිටුව වෙත පැමිණ ඇති අතර ශෛලේන්ද්‍ර තිවාරි නමැති ගුරුවරයාට එරෙහිව පොලිසිය මේ වන විට නඩුවක් ගොනු කර තිබෙනවා.

මාර්තු 9 වන දින සිදු වූ සිදුවීම විස්තර කරමින් දරුවා කියා සිටියේ පිටත සෙල්ලම් කරන සිසුන් කිහිපදෙනෙකු පන්ති කාමරයට කැඳවන ලෙස ගුරුවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි.

ඉන් පසුව තමන් සිය සගයින්ට ගුරුවරයා කතා කළ බව දැන්නුව ද ඔවුන් එය තැකීමකට ලක් නොකළ බවත්; ඒ බව තමන් විසින් ගුරුවරයා වෙත දැනුම්දුන් පසු ගුරුවරයා තමන් හට පහර දුන් බවත් මෙම දරුවා පවසා තිබෙනවා.

පහරදීමෙන් පසුව මෙම දරුවාගේ වම් ඇසින් රුධිරය ගලා එන්නට පටන් ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ගුරුවරයා විසින් විවිධ ප්‍රතිකාර පන්ති කාමරයේ දී ම සිදු කර ඇති අතර; පසුව ලේ ගැල්ම නැවතුණු පසුව දරුවා පන්ති කාමරයට වී නිදාගෙන ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව ඔහුගේ සගයින් විසින් පහරකෑමට ලක් වූ දරුවාගේ මවට සිදුවීම පිළිබඳ ව පැවසීමෙන් අනතුරුව එම දරුවා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?