දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට ජනපති විශේෂ අවධානයකින් කටයුතු කරනවා – සාගල

මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ඇතිව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවයිඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු “අස්වැසුම” වැඩසටහන මෙරට දිළිඳුකම පිටුදැකීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන බවත් කිසිසේත් දේශපාලනීකරණය නොවූ අස්වැසුම මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් ඔහු පැවසුවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට එකතු කිරීමේ වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

දරුවන්ගේ රක්තහීනතාවය, මතක දුර්වලතා සහ ශරීර වර්ධනය අඩාල වීම ඇතුළු ඒ ආශ්‍රිත රෝග සඳහා පිළියම් සෙවීම ද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

යකඩ සහ ෆෝලික් අම්ල අඩංගුකර සකස් කරන ලද සබලකෘත සහල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනාගත පරපුර නිරෝගී පරපුරක් ලෙස ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන බවත් පෝෂණය යනු කුසගින්න නිවා දැමීම පමණක් නොව රටේ අනාගතය හැඩගැස්වීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන සාධකයක් බවයි.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ඔහු විශේෂයෙන් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම වෙතින් ලද සහයෝගය ඇගයීමට ලක් කළා.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ සාගල රත්නායක ලෝක ආහාර වැඩසටහනේ මැදිහත් වීමෙන් 2003 වර්ෂයේ දී මෙම පෝෂණ වැඩසටහන සඳහා වූ මුලපිරීම සිදු කෙරුණු බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?