දයාසිරි සහ රංජිත් සියඹලාපිටිය රනිල් සොයා යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහය නොදක්වන බව පසුගියදා පැවසුවා. දේශපාලන කතා කිසිදු වලංගුතාවයක් නැති බව පසක් කරමින් ඊයේ දිනයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට සූදානම් බවයි. සහයෝගය ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ලිපියක්ද යොමුකර තිබුණා. කොහොම වුණත් අද උදෑසනින්ම දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය අගමැතිවරයා හමුවීමට ගොස් තිබෙනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියත් ඔවුන් කිසිවෙකුටත් මේ බව නොදන්වා දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය අගමැතිවරයා හමුවීමට යාම ගැන පක්ෂය තුලද යම් කසුකුසුවක් ඇතිව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?