පියා පැදවූ මෝටර් බයිසිකලේ කැබ් රථයක ගැටී කුඩා දියණිය මරුට

වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම – මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ අවුරුදු 03ක දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී දැරිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01