පෙර බිරින්දෑවරුන් දික්කසාද නොකර අවුරුදු 03ක් තුළ කතුන් තිදෙනෙක් එක්ක විවාහ වෙලා – සැමියා අත්අඩංගුවට

පෙර බිරින්දෑවරුන් දික්කසාද නොකර වසර තුනක කාලයක් තුළ කාන්තාවන් තිදෙනෙකු විවාහ කර ගත් බවට චෝදනාව මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජ් ප්‍රදේශයෙන්.

පින්ටු බාර්න්වාල් නැමැති මෙම පුද්ගලයාගේ පළමු සහ දෙවන බිරින්දෑවරුන් විසින් ගෘහස්ථ හිංසනය සහ දෑවැද්ද ඉල්ලා සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ගොනුකළ පැමිණිල්ලකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා විවාහ කරගත් කාන්තාවන් තිදෙනාගෙන් දෙවන බිරිඳට මාස 10ක දරුවෙක් සිටින අතර, තුන්වන බිරිඳට ද මාසයක් වයසැති දරුවෙක් සිටින බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පින්ටු බාර්න්වාල් පවසන්නේ ප්‍රචණ්ඩත්වය සහ දෑවැද්ද ඉල්ලා සිටීම වැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම තමා කාන්තාවන් තිදෙනෙකු විවාහ කර ගත් බව පිළිගත් බවත්, ජීවිතයේ තමන් මුහුණ දුන් තත්වයන් ඔහුගේ එම තීරණවලට හේතු වූ බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම පුද්ගලයා 2022 දෙසැම්බර් මස 02 දින කුෂ්බූ නැමැති කාන්තාවක් සමඟ පළමුව විවාහ වී ඇති අතර, ඔහුගේ දෙවන විවාහය සිදුව ඇත්තේ 2024 අප්‍රේල් මස 18 වනදා ගුඩියා කුමාරි නැමැති කාන්තවක් සමඟයි.

එම බිරින්දෑවරුන් දෙදෙනා දික්කසාද නොකර ඔහු තුන්වන විවාහය කරගෙන ඇති අතර, එම බිරිඳ පින්ටුගේ නිවසේ ජීවත් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48