කොහුවල දී වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා ජීවිතක්ෂයට

කොහුවල හන්දිය සහ නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේදී පසුගිය 22 වනදා වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ එම පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (25) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් 22 වනදා රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකකරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි විවාහක තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32