සුනාමි දුම්රියේ එන්ජිම අද උදෑසන ධාවනයට එක්කර නැහැ (වීඩියෝ)

සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය අනතුර සිහිපත් කරමින් ධාවනයවන ‘සුනාමි දුම්රිය’ අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කළා.

කෙසේ වෙතත් සුනාමි රළ හේතුවෙන් අනතුරට ලක්වූ දුම්රියේ එන්ජිම මෙවර ධාවනයට එක්කර නොතිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම එන්ජිමේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් අද (26) දිනයේ මෙම සංකේතාත්මකව ධාවනය සඳහා එය එක් කිරීමට නොහැකි වූ බව සඳහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව, වෙනත් එන්ජිමක් යොදා ගනිමින් එම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ බව පැවසුවා.

මෙතෙක් කලක් ධාවනය කළ දුම්රිය එන්ජිම, දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සමඟ කොළඹට රැගෙන ඒමට නොහැකිව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත්, මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගය යළි පිළිසකර කර අවසන් කළ පසු එම එන්ජිම කොළඹට රැගෙන ඒමට කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස රැගෙන ආ දුම්රියේ ඇක්සලයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර ඇති බවත්, මේ වනතෙක් එම අලුත්වැඩියා කිරීම් කටයුතු අවසන් කර ගැනීමට හැකිව නැහැ.

ඒ, අනුවයි වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන සංකේතාත්මක ‘සුනාමි දුම්රිය’ අද දිනයේ ධාවන කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41