දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙම තරගයේ 14 වන පන්දු වාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා.

ඒ වන විට දකුණු අප්‍රිකාව පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා. ඩේවිඩ් මිලර් ලකුණු 101 යි. Heinrich Klaasen ලකුණු 47ක් ලබා ගත්තා.

ඒඩ්න් මැක්රම් ලකුණු 10කට දැවී ගියා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 3ක් ලබා ගත් අතර නායක ටෙම්බා බවුමා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් කඩුලු 3ක් බැගින් ලබා ගත්තා. ට්‍රේවිස් හෙඩ් සහ ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලුවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව හමුවන්නේ දෙවන වරට වන අතර දෙරට අතර මූලික වටයේදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් හිමිවුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපරාජිත ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?