දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙම තරගයේ 14 වන පන්දු වාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා.

ඒ වන විට දකුණු අප්‍රිකාව පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා. ඩේවිඩ් මිලර් ලකුණු 101 යි. Heinrich Klaasen ලකුණු 47ක් ලබා ගත්තා.

ඒඩ්න් මැක්රම් ලකුණු 10කට දැවී ගියා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 3ක් ලබා ගත් අතර නායක ටෙම්බා බවුමා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් කඩුලු 3ක් බැගින් ලබා ගත්තා. ට්‍රේවිස් හෙඩ් සහ ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලුවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව හමුවන්නේ දෙවන වරට වන අතර දෙරට අතර මූලික වටයේදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් හිමිවුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපරාජිත ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14