තෙල් සැපයුම් අදත් අඛණ්ඩව – මෙට්‍රික් ටොන් 17,000ක් ඊයේ දිනයේ බෙදාහැරලා

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඊයේ (02) දිනය තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8400ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 8600ක් පමණ නිකුත් කර ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ පවසනවා.

සාමාන්‍ය දිනකදී නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයකට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (02) දිනයේ නිකුත් කර ඇති බවයි කළමණාකර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (03) පෙරවරු 6.00 සිට ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව කිසිදු ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන අඩුවීමක් හෝ හිඟවීමකින් තොරව ඉන්ධන සැපයීම අරමුණ වී ඇති බව සඳහන් කළ කළමණාකර අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීම් හි ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසයි.

මේ අතර ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන ඉන්ධන තොග රැගත් නැව් නියමිත දිනට දිවයිනට පැමිණෙන බවට තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරටට ඉන්ධන සහ බොරතෙල් තොග ලබාගැනීමට කිසිඳු බලපෑමක් නොමැති බව ද කළමණාකර අධ්‍යක්ෂකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !