තෙල් නැතිව නතර වුණු තුන්සක රියට දඩ කොළයක් – කොල්ලුපිටිය පොලිසියට දැඩි දෝෂාරෝපණයකුත් (වීඩියෝ)

සිය ත්‍රිරෝද රථය හදිසියේ ම අධික වාහන තදබදයක් පවතින අවස්ථාවක මහා මාර්ගය මධ්‍යයේ දී ඉන්ධන අවසන් ව නතර වීම හේතුවෙන් පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් විසින් දඩ කොළයක් ලිවීමට යාමේ දී; අදාළ රියදුරාගෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම්; කිසියම් වාසියක් පොලිසිය වෙනුවෙන් කළ හැකි දැයි විමසනු ලැබූ බව අසාධාරණයට ලක් වූ ත්‍රීරෝද රථ රියදුරෙකු චෝදනා කරනවා.

අද (28) දහවල් 1ට පමණ මෙම සිදුවීම කොළඹ ශාන්ත මයිකල් හන්දියේ දී සිදු ව ඇති බවයි දඩ කොළයෙහි සඳහන් ව ඇත්තේ.

අදාළ රියදුරාගේ ත්‍රීරෝද රථය මාර්ගය මැද නතර වී ඇත්තේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් බවත්; ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට රථයෙහි ගබඩා නොකර ගමනාන්තය තෙක් ධාවනයේ නො යෙදවීමේ චෝදනාවටයි ඔහුට එරෙහිව දඩ කොළයක් පොලිසිය විසින් ලියා ඇති බවට වාර්තා වන්නේ.

මෙම රියදුරා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර; ඔහුට විරුද්ධව කොල්ලුපිටිය පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන නිලධාරියෙකු විසින් මෙම දඩ කොළය ලියා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
1
+1
5
+1
1
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46