තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක්ට දිවි අහිමි වෙයි

තුර්කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (11) ජෝර්ජියාවේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි සේවා සාමාජිකයින් 20 දෙනාම මිය ගිය බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අසර්බයිජානයෙන් පිටත් වී තුර්කියට ආපසු යමින් සිටි C-130 ගුවන් යානය අසර්බයිජානයේ දේශසීමාව අසල ජෝර්ජියාවේ සිග්නාගි නගර සීමාවේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අසර්බයිජානියානු සහ තුර්කි කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බවටයි වොදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජෝර්ජියානු බලධාරීන් පවසනවා

විදෙස් මාධ්‍ය වෙත නිකුත් වී ඇති වීඩියෝ දර්ශනවල C-130 යානය සර්පිලාකාරව බිමට කඩන් ගමන් කරන ආකාරය දිස්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?