මාතර, තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි වැදීමකින් පාසල් සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව එම කොමිසම් සභාවේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සිදුවූ ස්ථානයේ සහ වෙඩි වැදීමට ලක්වූ පාසල් සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමට අද (29) පෙරවරුවේ පමණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයා අද (29) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




