AFC Banner
AFC Banner
Empty Ad

තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

තියුණු ආයුධවලින් කපාකොටා අද (03) අලුයම පුද්ගලයකු ඝාතනය කර ඇති බව මතුගම පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.කලන නැමැති 38 හැවිරිදි පුද්ගලයෙක්.

නාඳුනන පුද්ගලයන් පිරිසක් අද (03) අලුයම් කාලයේ පැමිණ මෙම පහරදීම සිදුකර ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය නාගොඩ ශීක්ෂණ රෝහලේ මේ වනවිට තැන්පත් කර ඇති බවයි ආ වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර, මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?