AFC Banner
AFC Banner
Empty Ad

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා

අද (03) අළුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එම පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුලත් කර වැඩිදුර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව සඳහන්.

මරණකරු 35 හැවිරිදි ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.

මෘත ශරීරය මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චලම්පත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?