තිදෙනෙකුට කඩුවකින් කොටා එක් අයෙකු මරුට

ඇහැළියගොඩ පොලිස් වසමේ නැදුරන හංදියේ – රේල් පාර අසල දී පුද්ගලයින් තිදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කළ මොවුන්ගෙන් අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 22ක වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ඇහැළියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?