තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දුන් අතිරේක දින අදින් අවසන්

තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අතිරේක දින දෙකෙහි අවසන් දිනය (12) අදයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පැවැත්වූ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ දෙවැනි අදියර ලෙසයි අද දිනයේ අවසන් වරට මෙය සිදු කෙරෙන්නේ.

ජුලි මස 28 වැනි දින පෙරවරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම නිවේදනය කෙරුණා.

ඉන් අනතුරුව අගෝස්තු මස 14 වැනි දින මධ්‍යාහ්න 12 තෙක් ඇප මුදල් තැන්පත් කෙරුණු අතර; ඊට පසුවෙනිදා (අගෝස්තු 15) උදෑසන 09 සිට 11.30 තෙක් නාම යෝජනා භාර ගැනීමයි පැවැත්වූයේ.

පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින තුනක් ප්‍රකාශයට පත් කරමින් එය සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින වෙන් කෙරුණා.

ඊට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය මත කොමිෂන් සභාවේ සහ ආරක්ෂක අංශවල දායකත්වයෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ රක්ෂිත පැකට්ටු ප්‍රාදේශීය තැපැල් මධ්‍යස්ථාන හරහා සැපයීමට පියවර ගත්තා.

කෙසේවෙතත් සියයට 98ක ප්‍රමාණයක් මෙවර තැපැල් ඡන්දය භාවිත කර ඇති බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉහත දින 03ක කාලයේ දී නොවැළැක්විය හැකි හේතුවක් මත තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූවන්ට අමතර දින දෙකක් ඊයේ (11) සහ අද දින ලබා දුන්නා.

ඒ අනුව ඊයේ දිනයේ දී ද දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මැදිහත් වීමෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම් දිවයින පුරා සිදු කෙරුණා.

එහි අවසන් දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?