තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දුන් අතිරේක දින අදින් අවසන්

තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අතිරේක දින දෙකෙහි අවසන් දිනය (12) අදයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පැවැත්වූ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ දෙවැනි අදියර ලෙසයි අද දිනයේ අවසන් වරට මෙය සිදු කෙරෙන්නේ.

ජුලි මස 28 වැනි දින පෙරවරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම නිවේදනය කෙරුණා.

ඉන් අනතුරුව අගෝස්තු මස 14 වැනි දින මධ්‍යාහ්න 12 තෙක් ඇප මුදල් තැන්පත් කෙරුණු අතර; ඊට පසුවෙනිදා (අගෝස්තු 15) උදෑසන 09 සිට 11.30 තෙක් නාම යෝජනා භාර ගැනීමයි පැවැත්වූයේ.

පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින තුනක් ප්‍රකාශයට පත් කරමින් එය සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින වෙන් කෙරුණා.

ඊට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය මත කොමිෂන් සභාවේ සහ ආරක්ෂක අංශවල දායකත්වයෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ රක්ෂිත පැකට්ටු ප්‍රාදේශීය තැපැල් මධ්‍යස්ථාන හරහා සැපයීමට පියවර ගත්තා.

කෙසේවෙතත් සියයට 98ක ප්‍රමාණයක් මෙවර තැපැල් ඡන්දය භාවිත කර ඇති බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉහත දින 03ක කාලයේ දී නොවැළැක්විය හැකි හේතුවක් මත තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූවන්ට අමතර දින දෙකක් ඊයේ (11) සහ අද දින ලබා දුන්නා.

ඒ අනුව ඊයේ දිනයේ දී ද දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මැදිහත් වීමෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම් දිවයින පුරා සිදු කෙරුණා.

එහි අවසන් දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21