තැපැල් ඡන්දය සලකුණු කිරීමට දුන් අතිරේක දින ඇරඹෙයි – අද පළමු දිනයයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් හට අද (11) සහ හෙට (12) දිනය ඒ සඳහා විවෘත ව පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; පසුගියදා දින තුනක් පුරාවට ම පැවති තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතුවලට අත්‍යවශ්‍ය හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත එක් වීමට නොහැකි ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින වෙන් කර ඇති බවයි.

මෙය මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් ඡන්දය සඳහා ලබාදුන් අතිරේක කාලයක් ද වනවා.

ජූලි මස 28 වැනි දින සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරනු ලැබීමෙන් පසුව අගෝස්තු මස 14 වැනිදින තෙක් ඇප මුදල් තැන්පත් කිරීමත් අගෝස්තු මස 15 උදේ 9 සිට 11.30 තෙක් නාම යෝජනා භාර ගැනීමත් සිදු වුණා.

ඉන් පසුවයි තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින දිවයින පුරා තැපැල් කාර්‍යාල මුල් කරගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහාය ඇතුව සිදු කෙරුණේ.

ඒ අනුව එම දින 03 තුළ තැපැල් ඡන්දය භාවිත කිරීම 98%ක ප්‍රතිශතයක් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ද ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර නිල ඡන්ද පත්‍රිකා මිලියන 10ක් ද මේ වනවිට ගෙයින් ගෙට බෙදා හැර අවසන් බව ද සඳහන් කළා.

එවන් වටපිටාවක් තුළ දියි අද සහ හෙට යන දෙදින අතිරේක තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලයක් ලබා දී ඇත්තේ.

මෙම සලකුණු කිරීම් ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍ර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?