තැපැල් ඡන්දය සලකුණු කිරීමට දුන් අතිරේක දින ඇරඹෙයි – අද පළමු දිනයයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් හට අද (11) සහ හෙට (12) දිනය ඒ සඳහා විවෘත ව පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; පසුගියදා දින තුනක් පුරාවට ම පැවති තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතුවලට අත්‍යවශ්‍ය හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත එක් වීමට නොහැකි ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින වෙන් කර ඇති බවයි.

මෙය මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් ඡන්දය සඳහා ලබාදුන් අතිරේක කාලයක් ද වනවා.

ජූලි මස 28 වැනි දින සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරනු ලැබීමෙන් පසුව අගෝස්තු මස 14 වැනිදින තෙක් ඇප මුදල් තැන්පත් කිරීමත් අගෝස්තු මස 15 උදේ 9 සිට 11.30 තෙක් නාම යෝජනා භාර ගැනීමත් සිදු වුණා.

ඉන් පසුවයි තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින දිවයින පුරා තැපැල් කාර්‍යාල මුල් කරගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහාය ඇතුව සිදු කෙරුණේ.

ඒ අනුව එම දින 03 තුළ තැපැල් ඡන්දය භාවිත කිරීම 98%ක ප්‍රතිශතයක් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ද ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර නිල ඡන්ද පත්‍රිකා මිලියන 10ක් ද මේ වනවිට ගෙයින් ගෙට බෙදා හැර අවසන් බව ද සඳහන් කළා.

එවන් වටපිටාවක් තුළ දියි අද සහ හෙට යන දෙදින අතිරේක තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලයක් ලබා දී ඇත්තේ.

මෙම සලකුණු කිරීම් ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍ර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?