නෝර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන කාලයේදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ ගුරුවරියක් තුවාල ලබා තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
නෝර්වුඩ් අයර් බී දමිළ මහා විද්‍යාලයේ පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ එම පෙර පාසලේ ඉගැන්විම් කටයුතු කරන ගුරුවරියක් මෙලෙස අනතුරට පත් වී ඇති බවයි පැවසෙන්නේ.
ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට සැකකරන බවයි නෝර්වුඩ් පොලිසිය පවසන්නේ
.
මෝටර් රථය පැදවූ කාන්තාව සැක පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.




