ත්‍රීරෝද රථයේ අධික වේගය නිසා පෙර පාසල් ළමුන් 06ක් රෝහලේ

නෝර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන කාලයේදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ ගුරුවරියක් තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

නෝර්වුඩ් අයර් බී දමිළ මහා විද්‍යාලයේ පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ එම පෙර පාසලේ ඉගැන්විම් කටයුතු කරන ගුරුවරියක් මෙලෙස අනතුරට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට සැකකරන බවයි නෝර්වුඩ් පොලිසිය පවසන්නේ
.
මෝටර් රථය පැදවූ කාන්තාව සැක පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13