AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිරෝද රියැදුරෙකුට නියම වූ විශාල දඩය

අංක වෙනස් කොට නියමිත පරිදි තිරිංගද නොමැතිව අධික වේගයෙන් රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් ත්‍රි රෝද රථ රියදුරෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩයක් නියම කර තිබෙනවා.

මෙසේ දඩ නියමවුයේ ඉමදුව පදිංචි ත්‍රි රෝද රථ රියදුරෙකුටයි.

විත්තිකරු ඉමදුව පොලිස් වසමේදි අධික වේගයෙන් ත්‍රි රෝද රථය ධාවනය කරමින් සිටියදී නවතා පරික්ෂා කිරිමේදි අනාවරණය වි ඇත්තේ එහි චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් කර දෝෂ සහිත සයිලන්සරයක් සවිකර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව අමතර කොටස්ද එකතු කර ඇති අතර අත් තිරිංගද අක්‍රියවි තිබි ඇති බවය.

මෝටර් රථ කොමසාරිස්වරයාගේ සහ රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තා අනුව චෝදනා පහක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?