තහනම් ධීවර ආම්පන්න යොදා මාළු ඇල්ලූ 18ක් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව කිලිනොච්චිය, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන මුහුදු ප්‍රදේශයන්හි සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 09ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; මෙරටට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නිත්‍යනුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මගින් කිලිනොච්චිය – චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දීයි මෙම මෙහෙයුම සිදු කළේ.

මෙම මෙ‍හෙයුම් මගින් නාවික හමුදා භාරයට ගැනුණු සැකකරුවන් අවුරුදු 18 ත් 61 ත් අතර වයසේ පසුවන වව්නියා, මුලිතිව්, යාපනය, කල්පිටිය, ත්‍රිකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

එම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න යාපනය සහ පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?