තහනමට ලක් වූ විෂ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

මිනිස් ශරීයට දැඩි බලපෑමක් ඇති කිරීම හේතුවෙන් මෙරටට ගෙන ඒම තහනම් කළ කෘෂි රසායනික වෙළෙඳසැල්වලට බෙදා හරිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ; විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි ඒකකය මගින් ලද තොරතුරකට අනුව ඊයේ (25) කොඩිකාමම් පොලිස් වසමේ කොඩිකාමම් දුම්රිය ස්ථානය ඉදිරිපිට දීයි.

මෙම වැටලීමට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා.

එහිදී සැකකරු සන්තකයේ තිබී පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැති ව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද IMAGE (THIAMETHOXAM 25% WG) 5g වර්ගයේ කෘමි නාශක පැකට් 2,000 ක් සහ ROCKET (EMAMECTIN BENZOATE 5% SG) 10g වර්ගයේ කෘමි නාශක පැකට් 2,600 ක තොගයක් සොයා ගැනුණා.

එම සැකකරු අදාළ විෂ රසායනික ද්‍රව්‍ය වෙළෙඳසල්වලට බෙදා හැරීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගැනුණේ.

මොවුන් විස්වමඩු සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 36 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?