තහනමට ලක් වූ විෂ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

මිනිස් ශරීයට දැඩි බලපෑමක් ඇති කිරීම හේතුවෙන් මෙරටට ගෙන ඒම තහනම් කළ කෘෂි රසායනික වෙළෙඳසැල්වලට බෙදා හරිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ; විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි ඒකකය මගින් ලද තොරතුරකට අනුව ඊයේ (25) කොඩිකාමම් පොලිස් වසමේ කොඩිකාමම් දුම්රිය ස්ථානය ඉදිරිපිට දීයි.

මෙම වැටලීමට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා.

එහිදී සැකකරු සන්තකයේ තිබී පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැති ව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද IMAGE (THIAMETHOXAM 25% WG) 5g වර්ගයේ කෘමි නාශක පැකට් 2,000 ක් සහ ROCKET (EMAMECTIN BENZOATE 5% SG) 10g වර්ගයේ කෘමි නාශක පැකට් 2,600 ක තොගයක් සොයා ගැනුණා.

එම සැකකරු අදාළ විෂ රසායනික ද්‍රව්‍ය වෙළෙඳසල්වලට බෙදා හැරීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගැනුණේ.

මොවුන් විස්වමඩු සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 36 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32