තරුණ ජිවිතයක් අහිමි කළ ටික් ටොක් වීඩියෝවේ පසුපස කතාව

ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අදවන විට ලොව පුරා තරුණ තරුණියන් අතරේ අතිෂය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක්. තරුණ තරුණියන් පමණක් නොව වයස් සීමාවකින් තොරව ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු නිදහස් අදහස් මිතුරු කණ්ඩායම් අතරේ බෙදා ගැනීමට මේ යෙදවුම ඉඩ සලසා තිබෙනවා. මෙම ටික් ටොක් යෙදවුමේ බෙදාගත් වීඩියෝවක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් කොළඹ සේදවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් අද උදෑසන වාර්තා වුණා .

මොහොමඩ් අබ්දුල් ලතිප් නමැති මේ තරුණයා මේ නොසිතුවිරූ අභාග්‍යට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල් කාලයේදීයි. අබ්දුල් ඔහුගේ සොහොයුරාට කෑම පාර්සලයක් ලබාදීම සඳහා ඔහු සේවය කරන ස්ථානයට මිතුරන් කිහිප දෙනෙක් සමග ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔහු සිය මිතුරු පිරිස කැටුව නැවත හේනමුල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වන Tik tok වීඩියෝවක් රූගත කිරීම සඳහායි. 

ඔහු සිය මිතුරු පිරිසද සමඟ Tik tok වීඩියෝව රූගත කරමින් සිටින අතරවාරයේ එතැනට පැමිණි තවත් පිරිසක් අබ්දුල් සමඟ ගැටුමකට මුල පුරන්නේ ඔහු විසින් පසුගියදා Tik tok යෙදවුම ඔස්සේ සමාජයට මුදා හල වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්.. එහිදී මෙම බහින් බස්වීම දුරදිග ගොස් ගැටුමට මුල පිරු පුද්ගලයෙක් අබ්දුල්ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

ඉන් අනතුරුව අදාළ පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර තුවාල ලැබූ අබ්දුල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ. ගැටුමට හේතු වූ කාරණය ලෙස ජනවාරි 1 දා විනෝද චාරිකාවක් අතරවාරයේදී සමාජ මාධ්‍යට මුදාහල වීඩියෝවක් හේතුවී ඇති බව සඳහන් කෙරුණද අබ්දුල්ගේ දෙමාපියන් පවසන්නේ ඔහු එදින කිසිදු විනෝද චාරිකාවක් සඳහා එක්වූ බවට තමන් දැනුවත් නොමැති බවයි. 

කෙසේ වෙතත් එදින අබ්දුල් ඔහුගේ පෙම්වතියගේ නිවසට ගොස් ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් අබ්දුල්ගේ දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියා ” එයා 1වැනිදා ට්‍රිප් එකක් යනවා කියලා අපට කිව්වේ නැහැ , අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ . නමුත් අපි පළවැනිදා අබ්දුල් කෙහෙද ගියේ කියලා හොයලා බලද්දී දැනගන්න ලැබුනා එයා එයාගේ පෙම්වතියගේ ගෙදරට ගිහින් තියෙනවා කියලා. මේ සිද්ධියට හේතුව මොකක්ද කියලා අපි තවම දන්නේ නැහැ..” මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරනු ලබන අතර අබ්දුල්ට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

17 හැවිරිදි තරුණයෙකු ටික් ටොක් වීඩියෝවක් අවසන් ගමන් යයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54