17 හැවිරිදි තරුණයෙකු ටික් ටොක් වීඩියෝවක් අවසන් ගමන් යයි

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත ග්‍රෑන්ඩ්පාස්හිදී 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

සඳුදා (3) පස්වරුවේ මාදම්පිටිය පටුමගේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු රන්දිය උයන නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් කිසියම් පිරිසක් අතර ඇතිවූ මතගැටුම දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාට පිහියෙන් ඇන ඇති අතර සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16