AFC Banner
AFC Banner
Empty Ad

තරුණයෙක්ට තැන දෙන්න අඟමැති දේශපාලනයෙන් සමුගනී

එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජිබ් මිකාති පවසයි.

එම මැතිවරණය මැයි 15 වනදා පැවැත්වීමට නියමිත ය.

වසර තුනක පමණ සිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ලෙබනනය ඔහුගේ මෙම තීරණයෙන් දේශපාලන අර්බුදයකත් මුහුණ දීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම සුන්නි දේශපාලන කටයුතු සඳහා ද එම තීරණය දැඩි බලපෑමක් ඇති කළ හැකි බව සඳහන් වෙයි.

ලෙබනනයේ හිටපු අගමැතිවරයෙක් වන සාඩ් හරිරි ද තමා දේශපාලනයෙන් ඉවත්වන බව පසුගිය ජනවාරි මාසයේ පැවසීය.

“Future Movement” නම් ඔහුගේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 20 දෙනෙක් සිටින අතර ඉදිරි මැතිවරණය සඳහා ඔවුන්ද ඉදිරිපත් නොවන බව පවසයි.

ලෙබනන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 128 දෙනෙක් සිටින අතර එය ආගමික සම්භවය අනුව වෙන්කර තිබේ. ඒ අනුව සුන්නි පාර්ශවය සඳහා අසුන් 27ක් වෙන්කර ඇති අතර ඉන් රැසක් සඳහා මන්ත්‍රීවරුන් පත්කරගත යුතුය.

මිකාති පැවසුවේ “අලුත් පරම්පරාව” සඳහා අවස්ථාව ලබාදීමට තමා දේශපාලනයෙන් ඉවත්වන බවය.

ලෙබනනයේ ආර්ථිකයට මොකද වුණේ ?

2019 වසරෙන් පසුව ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර මේ වනවිට එරට මුදල් ඒකකයේ වටිනාකම 90%කින් පමණ බාල්දුවී තිබේ.

එසේම මේ වනවිට එරට පවුල් මිලියන 4ක් පමණ දරිද්‍රතාවයට තල්ලුවී ඇති බවද සඳහන් ය.

ලෙබනනය 1975 සිට 1990 දක්වා සිවිල් යුද්ධය හේතුවෙන් බැට කෑ අතර අනතුරුව බලයට පත් රජයන් යටතේ එරට රාජ්‍ය ණය සීඝ්‍රයෙන් වැඩිවිය.

කලක් මැද පෙරදිග ස්විස්ටර්ලන්තය ලෙස හඳුන්වා දුන් ලෙබනනයට වර්තමාන ආර්ථික අර්බුදය මතුවූයේ එරට පාලකයින්ගේ දුර්වලතා බව පිළිගත් මතයකි.

එරට ප්‍රධාන ආදායම විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව සම්ප්‍රේෂණය කරනු ලබන ඉපයීම්ය. නමුත් රට තුළ ආගමික කල්ලිවාදය සහ හිස්බුල්ලා සංවිධානය ශක්තිමත් වීමත් සමගම රටට ගලාඑන සම්ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?