යාපනය, පේදුරුතුඩුව, පූලෝලි ප්රදේශයේ ළිඳක තිබී තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ (24) රාත්රියේ සොයාගෙන තිබෙනවා.
24 වන වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
පූලෝලි – සිංහනගර් ගම්මානයේ අදාළ තරුණයින් දෙදෙනා දීපාවලි සමරමින් ළිඳ ආසන්නයේ සිට ඇති අතර,එහිදී එක් තරුණයෙක් ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා ද ළිඳට පැන ඇති අතර, එහිදී තරුණයින් දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලීසිය සැකපල කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




