තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ළිඳකින් ගොඩගනී

යාපනය, පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ ළිඳක තිබී තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ (24) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

24 වන වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

පූලෝලි – සිංහනගර් ගම්මානයේ අදාළ තරුණයින් දෙදෙනා දීපාවලි සමරමින් ළිඳ ආසන්නයේ සිට ඇති අතර,එහිදී එක් තරුණයෙක් ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා ද ළිඳට පැන ඇති අතර, එහිදී තරුණයින් දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලීසිය සැකපල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.